fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

ITN News Editor
By ITN News Editor මැයි 9, 2023 08:10

ජනපති ලන්ඩනයේ බෞද්ධ විහාරය වැඳ පුදා ගනී

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය හත් වනදා ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

අනතුරුව ලන්ඩන් බෞද්ධ විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී තිබේ.

පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද පළ කළහ.

ලන්ඩන් බෞද්ධ විහාරය වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් සමඟ ද ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත විය.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2023 08:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්