සමාජ ආරක්ෂණ ව්යාපෘතිකයට සහාය දීම සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබෙනවා.
සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සදහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම ප්රමුඛ කටයුතුත්තක් බවට හදුනාගෙන තිබෙනවා. ඒ අනුව එම වැඩපිළිවෙළ සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟත්වය පළකර ඇති අතර ඉලක්කගත පවුල් සදහා මූල්‍යාධාර ලබාදීම, නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සමාජ ආරක්ෂන පද්ධතිය ශක්තිමත් කිරීම යන කරුණු 3 යටතේ යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
එය සාර්ථක කර ගැනීම සදහා ලෝක බැංකුව සමග ණය සම්මුති සාකච්ඡා කිරීම ඇතුළු වැඩසටහන් සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.