කළුතර දී අභිරහස් ලෙස පාසල් සිසුවියක ඝාතනය වීමේ සිද්ධියේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල ප්රදේශයේ සැගව සිටියදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්රකාශ කලේ.
සිද්ධියට අදාළ ප්රධාන සැකකරු ගාල්ල ප්රදේශයේ සැගව සිටින බවට කළුතර පොලිසියට ලැබු තිබු තොරතුරකට අනුව එම නිලධාරීන් හික්කඩුව ප්රදේශයේ වැටලීමක් කළා. එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගිය පාසල් සිසුවිය පසුගිය දා තවත් තරුණියක සහ තරුණයින් දෙදෙනෙකු සමග එම ප්ර දේශයේ හෝටලයකට පැමිණ තිබුණා. එහිදි ඇති වු සිද්ධියක් හේතුවෙන් පාසල් සිසුවියගේ මරණය සිදු වු අතර එය ඝාතනයක් ද සියදිවිනසා ගැනීමක් ද යන්න තවමත් තහවුරු වී නැති බවයි පොලිසිය ප්රකාශ කලේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/khQfp7c05g4″]