fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අතුරුගිරියේ ද්විත්ව ඝාතනය – සැකකරු රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

hasiniek
By hasiniek මැයි 8, 2023 16:08

අතුරුගිරියේ ද්විත්ව ඝාතනය – සැකකරු රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

අතුරුගිරිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අද (08) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා පොලීසිය අවසර ලබා දී තිබෙනවා.

සැකකරු 29 හැවිරිදි මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

අදාළ සැකකරුව පොලීසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත් අතර ඔහුව අද(08) උදෑසන ඝාතනය සිදුකළ ස්ථානයට රැගෙන යාමට පොලීසිය කටයුතු කළා.

මියගිය කාන්තාවගේ රුපියල් 450,000ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා උකස් කරන ලද රිසිට්පතද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 02 වනදා සවස් කාලයේ අතුරුගිය පොලිස් වසමේ ගොඩගම පාර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරියක් වෙළෙඳසැලේ කාර්යාල කාමරය අසල ආයුධයකින් මුඛයට ඇන අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා.

ඊට අමතරව එම ලී වෙළෙඳසැලේ සේවය කළ 51 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකුට ද තියුණු ආයුධයකින් පහරදී තිබුණා..

එම පුද්ගලයා පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 06 යනදා මියගොස් තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 8, 2023 16:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්