fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

ITN News Editor
By ITN News Editor මැයි 8, 2023 05:49

දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

අද (08) දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය කාල සටහන් පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමාණවත් සේවකයින් රාජකාරී සඳහා වාර්තා කර ඇති බවයි.

මේ අතර, පිට පළාත්වල සිට කොළඹ දක්වා පැමිණෙන ජනතාවට අධිවේගී මාර්ගවල විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.මගීන්ගේ අවශ්‍යතාවය පරිදි උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළා.

ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් යළි කොළඹ පැමිණීම සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය ද සඳහන් කළේ ය.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2023 05:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්