මිරිගම දංඕවිට ප්රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදු වුණා.
දංඕවිට ප්රදේශයේ පවත්වාගෙන යන මෙම රබර් කර්මාන්ත ශාලාව තුළ ගින්න හට ගැනුනේ ඊයේ රාත්රියේයි. ඉන් එක් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම විනාශ වු බව පොලිසිය සදහන් කළා. කර්මාන්ත ශාලාවේ ගොඩගසා තිබු රබර් හේතුවෙන් ගින්න සීඝ්රයෙන් පැතිර ගොස් තිබුණා. පොලිසිය ප්රදේශවාසීන්ගේ සහාය ලබා ගනිමින් ගින්න පැතිර යාම පාලනය කිරීමට උත්සහ ගත් අතර ගිනි නිවන ඒකක ද කැදවීමටයි කටයුතු කෙරුණේ. ආරක්ෂක පියවරක් ලෙස ප්රදේයේ විදුලිය ද විසන්ධි කෙරුණා.
ගින්න හටගත් ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් දංඕවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.