fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින තුනකට වඩා උණ පවතී නම් පූර්ණ ලේ පරීක්ෂාවක් සිදුකර ගන්න – සෞඛ්‍ය අංශ

ITN News Editor
By ITN News Editor මැයි 7, 2023 11:24

දින තුනකට වඩා උණ පවතී නම් පූර්ණ ලේ පරීක්ෂාවක් සිදුකර ගන්න – සෞඛ්‍ය අංශ

මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමඟ ඩෙංගු , පාචනය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඒ හේතුවෙන් දින තුනකට වඩා උණ පවතී නම් පූර්ණ ලේ පරීක්ෂාවක් සිදුකරගත යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ.

වර්ෂාවත් සමඟ මැස්සන්ගේ ගහනය ඉහළ යාමත් සමඟ පාචන තත්ත්වය ඉහළ ගොස් ඇති බවටයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

පවතින රෝගී තත්ත්වයන් හමුවේ දරුවන්ට මුඛ ආවරණ පැළදීම සිදුකරන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර බස්නාහිර පළාතේ ඩෙංගු කාර්ය සාධක බලකායේ මැදිහත්වීමෙන් පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා යොදාගෙන නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලංක මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 7, 2023 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්