fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි – එලවළු විනාශ වෙලා

hasiniek
By hasiniek මැයි 7, 2023 09:59

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තද වැසි – එලවළු විනාශ වෙලා

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට (06) දින පස්වරුවේ සිට දැඩි සුලං සමග කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවතිනවා

අද (07) දින උදැසන සිට ප්‍රදේශය පුරා ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අඳුරු කාලගුණ තත්ත්වයක් පවතින අතර, පවතින වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවල පස් කඳු සහ ගස් කඩා වැටී මේ අවධානමක් ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ

එම මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත් ඔවුන් සඳහන් කළා

පවතින වර්ෂාවත් සමග උඩරට එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල වන බවත්, එම නිසා එලවළු මිල ඉහල යා හැකි බවටත් එලවළු තොග වෙලෙදුන් ඉඟි පල කරනවා.

hasiniek
By hasiniek මැයි 7, 2023 09:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්