ප්‍රංශයේ ජාතික සැමරුම් උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රංශයේ ජාතික දිනය යෙදී ඇත්තේ ජූලි 14 වනදාටයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාතික දින උත්සවය සඳහා ආරාධනා කර ඇති බව පවසමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින් ට්විටර් සටහනක් ද පළ කර තිබෙනවා.
ප්‍රංශ භාෂාවෙන් සහ හින්දි බසින් ද එය පළ කර තිබෙනවා.
එමෙන්ම ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් ද ප්‍රංශයේ ජාතික දින පෙළපාලියට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.