fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කළ රෝහල් සේවකයෙකු අත්අඩංගුවට

hasiniek
By hasiniek මැයි 7, 2023 06:00

ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කළ රෝහල් සේවකයෙකු අත්අඩංගුවට

පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කළ රෝහල් සේවකයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ 2020 වසරේ සිට රෝහලේ ඔක්සිජන් සිලින්ඩර 208 ක් අතුරුදන්ව ඇති බවයි.

සොරාගත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000ත් 40,000ත් අතර මුදලකට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බව ද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 7, 2023 06:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්