fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන චාල්ස් රජුගේ රාජභිශේකය උත්කර්ෂවත්ව (Photos)

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 18:51

තුන්වන චාල්ස් රජුගේ රාජභිශේකය උත්කර්ෂවත්ව (Photos)

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්මින්ස්ටර් දේවස්ථානයේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.

රජ පවුලේ සාමාජිකයන් රාජ්‍ය නායකයන් ඇතුළු සම්භාවනීය පිරිසක් රාජාභිෂේක මංගල්‍යයට එක්ව සිටියා.

වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය වෙත චාල්ස් රජු කැදවාගෙන ඒම සිදු වූයේ අශ්වාරෝහකයන් පිරිවරාගත් අලංකාර පෙරහැරකින්. චාල්ස් රජු මෙසේ පැමිණීම සදහා භාවිත කළේ දියමන්ති ජුබිලි අශ්වාරෝහක රථයයි. චාල්ස් රජු  පැමිණෙන තෙක් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම රජ පවුලේ සාමාජිකයන් වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ අසුන්ගෙන සිටියා. රාජකීය ඔටුන්න සහ රැජිනගේ ඔටුන්නත් සමගින් බ්‍රිතාන්‍ය අගරදගුරුවරයා මෙන්ම දේවගැති පිරිස දේවස්ථානට ඇතුළු වූයේ ඉන් අනතුරුවයි. චාල්ස් රජු දෙවස්ථානයට ඇතුළු වන අවස්ථාවේ ඔහුගේ පසුපසින් විලියම් කුමරු පැමිණියා.දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයෙන් අනතුරුව රාජාභිෂේක කෙරුණා. රජ පවුලේ කෙනෙකු මෙම දේවස්ථානයේදී මේ අයුරින් ඔටුනු පළදින්නේ හතලිස්වෙනි අධිරාජ්‍යයා ලෙසටයි. තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයෙන් පසු කැමිලා බිසවද රැජින ලෙසට අභිෂේක කෙරුණා.ඉතා සරල චාරිත්‍ර කිහිපයක් ඉටු කිරීමෙන් පසුවයි මෙය සිදු වුණේ. ඇයට පලදවා තිබෙන්නේ 1911 වසරේදී මේරි රැජින පැලදූ ඔටුන්නයි. රාජාභිෂේකය වෙනුවෙන් ආචාර වෙඩිමුර 62 ක් ලන්ඩන්වලදී පැවැත්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 18:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්