fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රංශයේ රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 15:55

ප්‍රංශයේ රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රංශයේ රැකියා ලබා දෙන පවසමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජෙරම් ක්‍රිෂාන්ත පීරිස් නැමැති මොහු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කටුනායක අමන්දොලුව ප්‍රදේශයේ නේවාසිකව සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන්ට එරෙහිව කටුනායක පොලීසියේ පැමිණිලි 08 ක් පවතිනවා. එමෙන්ම පොලොන්නරුව වීරගුල, රාගම, එඩේරමුල්ල,  ජාඇල හා වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවල ද ඔහුගේ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් පැමිණිලි සටහන්ව තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.කරුණු සළකා බැලූ අධිකරණය සැකකරු ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීටයි නියෝග කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 15:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්