fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් රටින් පනින්න හැදූ 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 10:22

අනවසරයෙන් රටින් පනින්න හැදූ 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදාව මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩිංගි බෝට්ටුවක් යොදා ගනිමින් ඔවුන් වෙනත් රටකට පලායාමට උත්සාහ දරා තිබෙනවා.

මන්නාරම එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මුහුදු මාර්ගයෙන් සිදුවන ජාවාරම් මැඩ පැවැත්වීම සදහා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

ඒ අනුවයි මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන්නේ.

පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු  එක් කාන්තාවක හා ළමුන් තුන්දෙනෙකු මෙසේ මෙරටින් පලායාමට උත්සාහ දරා තිබෙනවා.

ඔවුන් වව්නියාව හා මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2023 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්