fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවුඩය

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 15:24

ජනතා විමුක්ති පෙරමුණේ වෙසක් දින පණිවුඩය

අවිහිංසාවාදය, සංහිඳියාව හා සමානාත්මතාවය වැනි මිනිස් සමාජය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා වූ ප්‍රතිපත්ති සමුදායක් ලෝකයට හඳුන්වා දුන් බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය අද දිනට යෙදී තිබේ.

පවතින දුෂ්ට සමාජ ආර්ථික පරිසරය විසින් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය වෙතටත් එහි දර්ශනය වෙතටත් පුද්ගලයෙකුට ආධ්‍යාත්මික වශයෙන් සමීපවීමට මානසික හා භෞතික බාධාවන් පමුණුවමින් සිටී.

බෞද්ධ බැතිමතුන්ට බුදු දහමින් පෝෂණය වූ පෞද්ගලික හා සමාජීය ජීවිතයක් ගත කිරීම දිනෙන් දින අසීරු කරනු ලැබෙමින් පවතී.

ආර්ථික කඩා වැටීමට සාපෙක්ෂව අපරාධ වැඩිවීම්ද සොරකම් ඉහළ යාම්ද ආධ්‍යාත්මික හා සදාචාර පිරිහීම්ද ඇති වෙමින් තිබේ.

මේ කඩාවැටීම්වල වැඩි කොටසකට වගකිව යුතුව ඇත්තේ බුදුන් වහන්සේගේ ධර්මය රකින බවට ව්‍යාජ ලෙස පෙන්වමින් ජනතාව රැවටීමට උත්සාහ දරන දුෂ්ට පාලකයින්ය.

මේ සියල්ල මධ්‍යයේ පවා බෞද්ධ දේශනාව විසින් අපට ඒත්තු ගන්වන්නේ පවත්නා නරා වළ තුළ ගිලී යාම නොව ඉන් මිදෙන මඟ සෙවීමය.

ඒ වෙනුවෙන් වන පෞද්ගලික අධිෂ්ඨානයක්ද පොදු සමාජීය වැඩකොටසක්ද අප හමුවේ පවතී.

බුදුන් වහන්සේගේ වටිනා ඉගැන්වීම් අනුව මිනිස් ජීවිත හැඩගසා ගැනීමට සැබෑ ලෙසම හැකිවන සමාජ ආර්ථික පරිසරයක් ගොඩනගා ගැනීමත් එවැනි සමාජයක් ඇති කරගැනීම සඳහා පවතින බාධා ඉවත් කර ගැනීමත් අප අබියස අභියෝගයක් ලෙස තවමත් පවතී.

එම විමුක්ති මඟට පිවිසීමේ අදිටන සහිතව වෙසක් උත්සවය සමරනු ලබන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට අපේ සුබපැතුම් එක්කරමු!

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2023.05.05

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 15:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්