fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර රැඳවූවන් 988 දෙනෙකුට නිදහස

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 12:09

බන්ධනාගාර රැඳවූවන් 988 දෙනෙකුට නිදහස

වෙසක් පුන් පොහෝය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් 988 දෙනෙකුට නිදහස ලබා දෙනවා.

මේ අතුරන් 6 දෙනෙකු කාන්තාවන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඡන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි කිහිප දෙනෙකුට වෙසක් පොහොය දිනයට සමගාමීව සමාව ලබාදීමේ වැඩසටහන යටතේ මාතර බන්ධනාගාරයේ සිටි රැඳවූවන් 10 දෙනෙකුට නිදහස හිමි වුණා.

සහකාර බන්ධනාගාර අධිකාරී සමන් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙනුයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.

මඩකලපුව බන්ධනාගාරයේ සිටි රැදවූවන් 14දෙනෙකුට ද නිදහස හිමි වුණා.

දඩමුදල් ගෙවාගත නොහැකිව බන්ධනාගාර ගතව සිටි කිහිප දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත්.

ගාල්ල බන්ධනාගාරයේ සිටි 15 දෙනෙකු ද මෙසේ නිදහස හිමි වුණා.

ඔවුන් ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාට ආචාර කරමින් බන්ධනාගාරයෙන් පිටව ගියා.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්