fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 10:52

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි

සිවි දින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතා ශී‍්‍ර ලංකාවේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ සාමාජිකයන් අනුස්මරණය කොට පුෂ්පෝපහාර පුද කිරීම සිදු කරනු ලැබුවා.

පසුගියදා  බත්තරමුල්ල ඉන්දීය සාමසාධක හමුදා අනුස්මරණ ස්මාරකය අභියසදී පැවැත්වු අතර මෙම අවස්ථාවට ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි සමඟ පැමිණි දූත පිරිස, ඉන්දීය තනාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, අධ්‍යක්ෂ ජනරාල් සුභසාධන එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්