fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 06:46

සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මුලතිවු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යාව දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2023 06:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්