fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු, මී උණ, කොරෝනා යළි හිස ඔසවයි

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 11:52

ඩෙංගු, මී උණ, කොරෝනා යළි හිස ඔසවයි

මෙම වසරේ පළමු මාස පහ තුළදී ඩෙංගු රෝගීන් තිස්දහසකට අධික පිරිසක් මෙරටින් හමුවුණා.

මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ යමින් පවතිනවා.

මෙම වසරේ මුල් මාස 5 තුළ හමුවු ඩෙංගු රෝගීන් තිස්දහසකට අධික පිරිස අතුරින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

වාර්තා වන රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතේ පදිංචිකරුවන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුදෙනා වගකීමෙන් ක්‍රියාකළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කරන්නේ.

කොරෝනා යළි හිස එසවීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ද ගිනිගේ මහතා කරුණු පැහැදිලි කළා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ යමින් පවතිනවා.

සාමාන්‍යයෙන් වසරකට මී උණ රෝගීන් 6000ත් , 8000ත් අතර පිරිසක් වාර්තා වනවා.

මේ වන විට මෙම වසරේ දී 2500කට ආසන්න මී උණ රෝගීන් පිරිසක් හමුවී තිබෙනවා.

කුඹුරු ගොවිතැන් කිරිමේ දී දැඩි අවධානයෙන් ක්‍රියා කිරිමෙන් මී උණ වැළදීම සැලකිය යුතු මට්ටමකින් පාලනය කර ගත හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ අතර ලාදුරු රෝගීන් වාර්තා වීම ද ඉහළ යමින් පවතිනවා.

එවැනි රෝග ලක්ෂණ තිබෙන අය සිටිනම් සැගවී නොසිට කඩිනමින්ම ප්‍රතිකාර සදහා යොමුවන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්