fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදහස් හා යෝජනා ලබා දි ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණයි

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 11:15

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදහස් හා යෝජනා ලබා දි ඇත්තේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණයි

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදහස් හා යෝජනා ලබා දි ඇත්තේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් දෙදෙනෙකු පමණක් බව හෙළිව තිබෙනවා.

ඒ විදුර වික්‍රමනායක සහ සී බී රත්නායක යන මහත්වරුන් දෙදෙනා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී හෙළි වුණේ.

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේ වන විට සකස් කර තිබෙනවා.

එහි අවසන් සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවසන් කෙටුම්පත ඉදිරි මාස දෙක තුළ ඇමති මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරුව එය පාර්ලිමේන්තු කමිටුවට හා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදහස් හා යෝජනා ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම මෙම කෙටුම්පතේ පිටපත් ලබා දුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එහෙත් අදහස් හා යෝජනා ලැබී ඇත්තේ දෙදෙනෙකුගෙන් පමණක් බවද අමරවීර මහතා පැවසුවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්