fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානය සතියක් තුළ දෙවන ඉන්ධන ප්‍රවාහන නෞකාවත් තම භාරයට ගනී

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 10:17

ඉරානය සතියක් තුළ දෙවන ඉන්ධන ප්‍රවාහන නෞකාවත් තම භාරයට ගනී

ඉරානය සතියක් තුළ දෙවන ඉන්ධන ප්‍රවාහන නෞකාවත් තම භාරයට ගෙන තිබෙනවා.

ඇමෙරිකාව සමඟ පවත්නා මතභේදාත්මක ගැටුම් හමුවේ ඉරානය මෙලෙස ඉරාන මුහුදු කලාපයට ඇතුල්වන නෞකා තම භාරයට ගැනීමට කටයුතු කරනවා.

කෙසේ වුවද ඇමෙරිකාව සඳහන් කරන්නේ එම ඉන්ධන ප්‍රවාහන නෞකාව ඉරානය එරට මුහුදු සීමාවට බලහත්කාරයෙන් ඇතුල් කර ඉන් අනතුරුව ඔවුන් භාරයට ගෙන ඇති බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න කලාපයට පැමිණෙන බටහිර රටවල අයත් නෞකා මෙලෙස ඉරාන භාරයට ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි විරෝධය පළ කරනවා.

එමෙන්ම ඉරානයේ මෙවැනි කටයුතු ජාත්‍යන්තර සාගර කටයුතු වලට මෙන්ම ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්