fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී පාද වන්දනා වාරය හෙටින් අවසන්

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 09:42

ශ්‍රී පාද වන්දනා වාරය හෙටින් අවසන්

2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී  සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.

වෙසක් පොහෝ දින ශ්‍රී  පාද උඩ මළුවේ පිංකම් රැසක් පවත්වන බවත්, ඉන් අනතුරුව (06) දින අලුයම ශ්‍රී  පාද උඩ මළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න මාර්ග ඔස්සෙත් , නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ , නල්ලතන්නිය ලක්ෂපාන අවිස්සාවේල්ල රත්නපුර මාර්ග ඔස්සෙත් ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා මාර්ග කිහිපයක් ඔස්සේ වැඩම කරවන සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ (06) දින රාත්‍රියේ ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථාන දක්වා වැඩම කර එදින රාත්‍රියේ පුරාණ චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව පුජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව (07) දින අලුයම සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව, දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

පාද වන්දනා වාරය සාර්ථකව පැවැත්විමට සහයෝගය දැක් වු ගරුතර මහ සංඝ රත්නයට , රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියළුම නිලධාරීන්ටත්, නන් අයුරින් උපකාර කල සියළු දෙනාට සහ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලට සිය ස්තුතිය පුද කරන බවයි ශ්‍රී  පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 09:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්