fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන වෙසක් වැඩසටහනේ දෙවන දිනය අදයි 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 05:50

ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන වෙසක් වැඩසටහනේ දෙවන දිනය අදයි 

ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ වෙසක් වැඩසටහනේ දෙවන දිනය අදයි.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේදී ඊයේ රාත්‍රී 7.00ට විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වුණා.

අද දිනත් එම ස්ථානයේ දීම භක්ති ගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

හෙට දින සාමණේර ස්වාමින් වහන්සේලා හතළිස් නමක් සහ පාසල් දරුවන් 1200ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී සිදු කෙරෙනවා.

සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ සිංගප්පූරුවේ විලින් හාර්ට්ස් (Wiling Hearts) පදනමේ දායකත්වයෙන් පැවැත්වෙන මහා බත් දන්සැල එදින රාත්‍රී 7.00ට ෂැංග්‍රිලා හරිත භූමියේ දී විවෘත කෙරෙන අතර එය මැයි 05 සහ 06 යන දෙදින පැවැත්වෙනවා.

ඊට සමගාමීව තොරණ විදුලි ආලෝකය දැල්වීම සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යුද හමුදා භක්ති ගීත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන භක්ති ගීත ප්‍රසංගය ෂැංග්‍රිලා හරිත භූමියේ ඉදිකර ඇති වේදිකාවේ දී හෙට සහ අනිද්දා දෙදින පැවැත්වෙයි.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2023 05:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්