fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපති අරමුදලේ පාලක සභාව වසර 4කට පසු රැස්වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 20:26

ජනාධිපති අරමුදලේ පාලක සභාව වසර 4කට පසු රැස්වෙයි

ජනාධිපති අරමුදලේ පාලක සභාව වසර 4කට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වුණා.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා, ජනාධිපතිවරයා පත්කරන සාමාජිකයින් දෙදෙනාද ඇතුළුව 7 දෙනෙකුගේ කණ්ඩායමක් මෙම පාලක මණ්ඩලයට ඇතුළත්.

පත්කළ සාමාජිකයෙකු ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ මෙහි කටයුතු කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැර සෙසු සියලු සාමාජිකයින් පාලක සභාවේ රැස්වීමට එක්වුණා.

ජනාධිපති අරමුදල සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ලැබෙන ආදායම හා විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් යෙදවෙනවා. එමෙන්ම ජනාධිපති අරමුදලට ලැබෙන මුදලින් කොටසක් මහපොල උසස් අධ්‍යාපන ශිෂ්‍ය භාර අරමුදල වෙත ප්‍රදානය කෙරෙනවා.

දරිද්‍රතාවයෙන් පෙලෙන රෝගී ජනතාවට වෛද්‍ය ආධාර ලෙස මෙම අරමුදලේ වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කෙරෙනවා. ජනාධිපති අරමුදලට ලැබුණු ගොනු 12,000ක් පමණ වන වෛද්‍ය අධාර ඉල්ලීම් ජනාධිපතිවරයාගේ උපදෙස් හා ජනාධිපති ලේකම්වරයාගේ මගපෙන්වීම යටතේ පසුගිය දෙසැම්බර් 31 වනදා වනවිට අවසන් කිරීමට පියවර ගැණුනා.

ඒ සදහා රුපියල් මිලියන 1,717කට අධික මුදලක් වැය කෙරුණා. ජනාධිපති අරමුදලේ ලේකම් සරත් කුමාර මහතාගේ මගපෙන්වීම යටතේ මේ සදහා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් හා සරළ කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 20:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්