ඩයලොග් ආසිආටා සමුහය සහ භාරති එයාර්ටෙල් මෙරට මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මුලික එකගතාවට එළඹියා.
භාරති එයාර්ටෙල් පූර්ණ හිමිකාරිත්වය දරණ අනුබද්ධිත ආයතනයක් වන භාරති එයාර්ටෙල් ලංකා පුද්ගලික සමාගම සහ ආසිආටා බර්හාඩ් සමුහයේ අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි මෙසේ ඒකාබද්ධ වීමට තීරණය කර තිබෙන්නේ.
යෝජිත ගණුදෙනුව සම්බන්ධයෙන් අදාළ නීති සහ රෙගුලාසි වලට අනුව මෙම පාර්ශවයන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.
අදාළ නියමයන් සහ කොටස් හිමිකාරීත්වයේ අනුමැතීන් ඇතුලත් වන සේ යෝජිත ගණුදෙනුව සම්බන්ධයෙන් අවසන් එකගතාවකට අත්සන් තැබීමට නියමිතයි.