පුනර්ජනනීය බලශක්ති ආයෝජන දිරිගැන්වීමේ අරමුණෙන් පෝෂණ ගාස්තු ගණනය කිරීම සඳහා නව සූත්‍රයක් සම්මත කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එම සූත්‍රය වසර 20ක් පුරා විචල්‍ය වන අතර සාමාන්‍ය බරැති ප්‍රයිම් ණය අනුපාතිකය හෙවත් ඒ ඩබ්ලිව් පී එල් ආර් , භාණ්ඩාගාර බිල් අනුපාතිකය හෙවත් ටී බී ආර් , විනිමය අනුපාතිකය සහ උද්ධමනය සැලකිල්ලට ගනිමින් මුල් වසර 10 තුළ ක්‍රියාත්මකයි.
තෝරාගත් ව්‍යාපෘති සඳහා 3% දක්වා ආයෝජන වාරිකයක් ලබාදී තිබෙනවා.
එමෙන්ම ආයෝජන සඳහා ඉදිරිපත් වන්නන්ට පසුගිය වසරේ හදුන්වාදුන් විචල්‍ය පෝෂණ ගාස්තු සූත්‍රය හෝ ස්ථාවර ගාස්තු සූත්‍රය තෝරා ගැනීමේ අවස්ථාව හිමිවනවා.
නව සූත්‍රය ලබාගත හැක්කේ නව බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා පමණයි.