fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවිචාරවත් ලෙස ආචාර්ය සහ මහාචාර්ය තනතුරු නාමයන් භාවිතා කිරීම වැලැක්වීමට නෛතික ප්‍රතිපාදන

hasiniek
By hasiniek මැයි 3, 2023 10:54

අවිචාරවත් ලෙස ආචාර්ය සහ මහාචාර්ය තනතුරු නාමයන් භාවිතා කිරීම වැලැක්වීමට  නෛතික ප්‍රතිපාදන

උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳව කෝප් කමිටුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ ලබා දී තිබෙනවා.

• අවිචාරවත් ලෙස ආචාර්ය සහ මහාචාර්ය තනතුරු නාමයන් භාවිතා කිරීම වැලැක්වීම සඳහා වන නෛතික ප්‍රතිපාදන මසක් ඇතුළත සකසා ප්‍රසිද්ධ කරන ලෙස උපදෙස්

• z ලකුණු ක්‍රමවේදයට අමතරව ප්‍රායෝගික පරීක්ෂණ පවත්වමින් විශ්ව විද්‍යාල වලට කරන බඳවා ගැනීම් අත්හිටුවීමටත් නිර්දේශයක්

• රැකියා වෙළදපොළට උචිත පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කිරීමටත් නිර්දේශ

• උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත වි‍දේශගතව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් අයවිය යුතු රු. බිලියන 2 ක හිග මුදල් ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක්

• වි. වි ප්‍රතිපාදන කොමිෂමේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුව අවධාරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ගරු රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව), මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබුණා.

මෙහිදී කෝප් කමිටුව විසින් අවධානයට යොමු කළ මූලික කරුණු 10 ක් ඔස්සේ සාකච්ඡා සිදු කෙරුණා.

1.මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේක පිළිපැදීම සම්බන්ධ ගැටලු
2. Z ලකුණු ක්‍රමවේදයට පරිභාහිරව ඇතැම් විෂයන් සදහා යෝග්‍යතා පරීක්ෂණ
පැවැත්වීම හරහා ඉහළ z අගයක් සහිත ඇතැම් සිසුන්ට අසාධාරණයක් සිදුවීම
3. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගෙවීම් සදහා පැමිණීම තහවුරු කිරීමට නිසි
ක්‍රමවේදයක් නොමැතිවීම
4. නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් අනීතිකව ආචාර්ය, මහාචාර්ය
තනතුරු භාවිතා කිරීම
5. පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මගින් ප්‍රදානය කරනු
ලබන උපාධි සම්බන්ධව නියාමනය
6. ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ රැකියා
වෙළදපොලට ගැළපෙන පරිදි පාඨමාලා සැකසීමේ අවශ්‍යතාව
7. විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල (UPF) අවභාවිතාවට ලක්වන බැවින් එය
පාලනයකට නතුකිරීමේ අවශ්‍යතාව
8. විශ්ව විද්‍යාල පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සදහා පූර්ව
අවබෝධයකින් යුතුව කටයුතු කිරීම
9. විදේශීය ශිෂ්‍යයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ පිළිවෙලක්
ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව
10. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමෙන් බැහැරව
ඇති අවස්ථාවක එම කාර්ය නැවත ආරම්භ කිරීමට සාධනීය මැදිහත්වීමක්
සිදු කිරීම

මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ බවද සඳහන්

hasiniek
By hasiniek මැයි 3, 2023 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්