fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල මෙවරත්

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 10:32

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල මෙවරත්

ඉන්ඩස්ට්‍රි 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය හා කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල මෙවර උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

හඳුනාගත් කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක් මුල්කර ගනිමිනුයි මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.

කර්මාන්තකරුවන්ට , දෙස් විදෙස් ආයෝජකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වන අයට අවශ්‍ය සහාය ලබාදීම මෙහි අරමුණයි.

ඉන්ඩස්ට්‍රී 2023 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ලබන ජුනි 22 , 23, 24 හා 25 යන දින වලදී පැවැත්වෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එය පැවැත්වීමට නියමිතයි.

කර්මාන්තකරුවන්ට අවශ්‍ය මානව සම්පත් සොයා ගැනීම සඳහා ද මෙහි අවස්ථාව සලසා දී තිබෙනවා.

අයි ඩි බි පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කිරීම ද මෙහිදි සිදුවනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්