fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණ්ඩ අවසන් වීමෙන් රුසියාව දැඩි අර්බුදයක

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 09:48

උණ්ඩ අවසන් වීමෙන් රුසියාව දැඩි අර්බුදයක

යුක්‍රේන යුද්ධයට භාවිත කරන හමුදා උණ්ඩ අවසන් වීමෙන් රුසියාව දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවට වාර්තා වනවා.

මේ හේතුවෙන් යුද උපකරණ නිෂ්පාදනය සඳහා ක්‍රෙම්ලීනය නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ජී ලැව්රෝව් රාජ්‍ය සමාගමකින් මිසයිල නිෂ්පාදනය දෙගුණ කරන ලෙසට ඉල්ලා තිබෙනවා.

මාස 14ක් තිස්සේ ක්‍රියාත්මක යුක්‍රේන රුසියා  යුද්ධයෙන් දෙපාර්ශවයම අවිආයුධ රැසක් විනාශ වුණා.

මේ වන විට රුසියාව යුක්‍රේනයට එල්ල කරන මිසයිල ප්‍රමාණය ද අඩුකර තිබෙනවා.

යුක්‍රේනයේ ආයුධ හිඟයට පිළියමක් ලෙස බටහිර රටවල් රැසක් යුද උපකරණ ලබාදීමට ද ඉදිරිපත්ව සිටිනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්