fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ගැන කැබිනට් තීරණයක්

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 09:25

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ගැන කැබිනට් තීරණයක්

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද යටතේ කළමනාකරණය කරන බව රජය පවසනවා.

රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය පිළිබඳ කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට පසුගිය 27 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කෙරුණා.

ඒ අනුව අදාළ යෝජනාව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිත ආයතනය වෙත යොමු කිරීමට තීරණය කෙරුණා.

එම නියෝජිත ආයතනය ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්වයි මෙම ආයතනය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2023 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්