fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේට පිරිනමයි

hasiniek
By hasiniek මැයි 2, 2023 17:33

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේට පිරිනමයි

බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ වෙත පිරිනැමුණා.

ඒ උන්වහන්සේ විසින් සිදුකරනු ලබන ශාසනික/ අධ්‍යාපන හා සමාජීය සේවාව අගයමින්.

මොරටුව ලුනාව බෝධිරාජාරාමයේ සහ මොරවක රුවන්කන්ද රජමහා විහාරයන්හි විහාරාධිපති ධුරය හොබවන පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනය අංශයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටිනවා.
උන්වහන්සේ වෙත සාහිත්‍ය ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මරක්ඛිත යන ගෞරව නාමය සහිතව මල්වතු විහාර පාර්ශ්වයේ බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබද අක්තපත්‍ර පිළිගැන්වීම ඊයේ සිදු කෙරුණා.

ඒ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්වතු මංගල උපෝසතාගාරයේදීයි.

මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පවත්වන අභිනන්දන උළෙල කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී ලබන 13 වනදා පැවැත්වීමට නියමිතයි.

hasiniek
By hasiniek මැයි 2, 2023 17:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්