fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ මහ දවල් කොල්ලකයි

hasiniek
By hasiniek මැයි 2, 2023 17:00

ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ මහ දවල් කොල්ලකයි

ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් පිරිසක් විසින් කොල්ල කා පළාගොස් ඇති බව ගල්කිස්ස පොලීසිය පවසනවා.

තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ

පොලීසිය සඳහන් කළේ කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5ක් සහ 7ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1ක් සහ පවුම් 1/2ක් බර සුර දෙකක් ද ඇති බවයි..

එම අවස්ථාවේදී වෙළෙඳසැලේ සේවකයින් 08 දෙනෙකු පමණ සිට ඇති අතර එකවරම වෙළෙඳසැල තුළට ඇතුළුවී ඇති කොල්ලකරුවන් ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක් තබා කොල්ලය සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා..

කොළ පැහැති ත්‍රීරෝද රථයකින් කොල්ලකරුවන් පැමිණි බවද අනාවරණ වී තිබෙනවා.

වැඩිදුරටත් හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයා සතු රන්භාණ්ඩ කොල්ලකෑමෙන් පසු සැකකරුවන් පළායෑමට සූදානම් වී නැවතත් පැමිණ කවුන්ටරයේ තිබූ මුදල් ද රැගෙන පළාගොස් තිබූ බවයි.

සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනාව මේ වනවිටත් හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.

 

hasiniek
By hasiniek මැයි 2, 2023 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්