fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයනාගේ නඩුවකට දින නියම වෙයි

hasiniek
By hasiniek මැයි 2, 2023 14:57

ඩයනාගේ නඩුවකට දින නියම වෙයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහිමි කිරීමට සමගිජනබලවේගය ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම ජුනිමස අටවනදා විභාගයට ගැනීමටයි තීරණය කෙරුණේ.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහාය කළ බවට චෝදනා කරමින් තමන් මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවයි.

එම තීරණයට එළැඹීමට පෙර කිසිදු විනය පරික්ෂණයක් සිදු නොකල බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ අනුව මන්ත්‍රී ධුරය අහිමි කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි යයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා තිබෙනවා.

රඹකැන් ඔය සිය පාරම්පරික නිජ බිම් හෙළිපෙහෙළි කොට වගා කටයුතු සදහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට මහවැලි අධිකාරිය තීරණය කර ඇති බව පවසමින් ඊට එරෙහිව ආදී වාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එය සැප්තැම්බර් 8 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළා.

මහවැලි අධිකාරියේ තීරණය තුළින් තම ප්‍රජාවට දැඩි අයුක්තියක් සිදුවන බවයි වන්නියලැත්තන් පෙන්වා දෙන්නේ.

hasiniek
By hasiniek මැයි 2, 2023 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්