fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී මහා බෝධි ශාඛාවක් ජපානයට වැඩම කරවයි

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 13:09

ශ්‍රී මහා බෝධි ශාඛාවක් ජපානයට වැඩම කරවයි

ජපානයේ ෆුජිනොමියා නගරයේ ෆූජි සුගත විහරස්ථානයේ රෝපණය කිරීම සදහා ශ්‍රී ලංකාවේ සිට ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ජපානයට වැඩම කරවනු ලැබුවා.

ජපානයේ පැවැත්වෙන ප්‍රසාදී අභිමානි සැමරුම් වැඩසටහනට සමගාමීවයි මෙම බෝධි ශාඛාව වැඩම කරවනු ලැබුවේ ත්‍රෙනිකායික මහා සංඝ රත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මේ සදහා පහසුකම් ලබා දුන්නා.

මෙරට සිට වැඩම කරවු ශ්‍රී මහා බෝධි ශාඛාව නිරාවරණය කර ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු වන්දනාමානය සදහා විවෘත කෙරුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 13:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්