fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළුතර මැංගුස් සටන යුද පිටියක් වෙයි – තිස්ස විදුහලේ උපනායකයාට බරපතළයි

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 10:51

කළුතර මැංගුස් සටන යුද පිටියක් වෙයි – තිස්ස විදුහලේ උපනායකයාට බරපතළයි

කළුතර තිස්ස ජාතික පාසල සහ කළුතර මහා විද්‍යාලය අතර පැවති මැංගුස් සටන ක්‍රිකට් තරගය අවසානයේ ඇතිවූ ගැටුමකදී ප්‍රහාරයකට ලක්වූ තිස්ස විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතල තුවාල ලබා තිබෙනවා.

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර ක්‍රිකට් තරගය 13 වන වරට මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණා. තරගය අවසානයේ අවසන් පන්දුවාරයේ දී කළුතර මහා විද්‍යාලයට ජයග්‍රහණය අත්කර ගැනීමට හැකිවුණා. ඒ සමග ක්‍රීඩා පිටියට පැමිණි තිස්ස ජාතික පාසලේ සිසුන් විකට් කූරු ගලවා ගැනීමත් සමග ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී හිසට වැදුනු බරපතල පහරක් හේතුවෙන් තුවාල ලැබූ කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හිරූෂ නෙත්සර මේ වනවිට නාගොඩ මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ හිසට බරපතල හානි සිදුව ඇති බැවින් විශේෂ ශෛල්‍යකර්මයක් සදහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට නියමිත බවයි වාර්තා වුණේ. ගැටුම සමතයකට පත් කිරීම සදහා එම ස්ථානයට පැමිණි පයාගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ද ප්‍රහාරයක් එල්ලවී ඇති බවට ද වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියා සිදුකළ පැමිණිල්ලකට අනුව පයාගල පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 2, 2023 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්