fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට

hasiniek
By hasiniek මැයි 1, 2023 14:42

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ශ්‍රී ලංකාවට

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරට දින 4ක නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

1982 දී ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස ඉන්දීය ගුවන් හමුදාවට බැඳුණු එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි ප්‍රහාරක ජෙට් යානාවල පැය 3,800 කට අධික කාලයක් පියාසර කර ඇති දක්ෂ නිලධාරියෙක්.

ඔහු ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් ගුවන් යානා නිරූපණ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයකු ද වනවා.

2021 සැප්තැම්බර් 30 සිට ඔහු ඉන්දීය ගුවන් හමුදාවේ 27 වැනි ගුවන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කරයි.

මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ජනපති, අගමැති, ආරක්ෂක රාජ්‍ය ඇමැති සහ ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිතයි.

hasiniek
By hasiniek මැයි 1, 2023 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්