fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 1, 2023 08:46

වැල්ලේ සුරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන වැල්ලේ සුරංග යන අයගේ ගෝලයෙකු පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කරමින් සිටියදී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගැනුණේ මත්පෙති දහසක් ද සමගයි. 35 හැවිරිදි සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගමගේ සුරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සුරංග යන අයගේ සමීපතමයෙකු බවට තොරතුරු හෙළි වී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසනවා.

වැඩිදුර විමර්ශන සදහා සැකකරු මට්ටක්කුලිය පොලිසියට භාර දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 1, 2023 08:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්