fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා වෙසින් කුකුලන් සොරකමේ පැමිණි හොරා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 15:02

කාන්තා වෙසින් කුකුලන් සොරකමේ පැමිණි හොරා

බගවන්තලාව ආරියපුර ජනපදයේ නිවාස වල ඇති කරන කුකුලන් සොරකම් කිරීමට කාන්තා වෙසින් පැමිණි පුද්ගලයෙකු සමඟ පොර බදා එම පුද්ගලයා රැගෙන පැමිණි පිහි දෙකක් තමා සතු කර ගැනිමට එම නිවෙස් වල පදිංචි ගෘහණියක් සමත් වී ඇත.

දින අළුයම 1.30ට පමණ තම නිවසේ ඇති කරන සුනඛයා බිරු බවත්, ඒ පිලිබඳව සොයා බැලීමට එම නිවසේ කාන්තාව නිවසින් පිටතට පැමිණ විපරම් කිරීමේදි බුර්කාවක් පැළඳ සිට අයෙකු දැක සොරා අල්ලා ගැනිමට පොර බදන අවස්තාවේ බුර්කාව ගැලවී ගොස් ඇත.

බුර්කාව ගැලවි යාමෙන් පසු එසේ බුර්කාවක් පැළඳ පැමිණ සිටියේ පිරිමි පුද්ගලයෙකු බවත්, එම පුද්ගලයා රැගෙන පැමිණි පිහි දෙකක් උදුරා ගැනිමට එම කාන්තාව සමත් වී ඇත.

තම නිවසේ ඇති අතර කුකුලන් සොරකමේ පැමිණි එම පුද්ගලයා පලා ගිය බවත්,එම සොරා අල්ලා ගැනීමට බගවන්තලාව පොලීසිය පැමිණිල්ලක් කල බවයි සොරා සමඟ පොර බැඳි කාන්තාවගේ සැමියා කියා සිටියේ.

සොරා පලා යන අයුරු සහ සොරා සමඟ කාන්තාව පොරබදින අයුරු එම නිවසේ සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්