fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 13:28

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (30) දින සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසනවා.

ඉහළ කොත්මලේ ජලාශ වේල්ල ආසන්නයේ තලවකැලේ හොලිරුඩ් වත්ත ප්‍රදේශයේ ජලාශයේ පුද්ගල මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි පොලිසිය කියා සිටියේ.

මිය ගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාර මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය පැවසුවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්