fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 13:21

ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පංජාබ් ප්‍රාන්තයේ ලුඩියානා දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවකයි මෙම ගෑස් කාන්දුවීම ඇති ව තිබෙන්නේ.

ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් ප්‍රතික්‍රියාවක් නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි අනුමාන කෙරෙන්නේ.

ගෑස් කාන්දුව වාර්තා වීමත් සමඟ සිද්ධිය වු කර්මාන්ත ශාලාව මෙන්ම අවට ජිවත්වන පිරිස් ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් කණ්ඩායම් විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්