fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝටන් තැන්නට වාහන ඇතුළුකිරීම තාවකාලිකව නවත්වයි

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 12:01

හෝටන් තැන්නට වාහන ඇතුළුකිරීම තාවකාලිකව  නවත්වයි

හෝටන් තැන්නට වාහන ඇතුළුකිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

බස් රථයක් අනතුරට ලක්වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

වවුනියාව සෙට්ටිකුලම් ප්‍ර දේශයේ සිට 20 දෙනෙකුගෙන් සමන්විත පවුලේ සාමාජිකයින් ගමන් ගත් බස් රථයක් හෝටන්තැන්න සිට නුවරඑළිය බලා ආපසු පැමිණෙමින් සිටිය දී අනතුරට ලක්වුණා.

අධික බෑවුමක් සහිත ප්‍ර දේශයේ දී බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වී තිබෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වු රියදුරු රථය නවත්වා ගැනීමට උත්සහ දැරීමත් සමග බස් රථය මාර්ගය අභියස කන්දේ ගැටී මාර්ගය හරහා පෙරලී ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.

රියදුරුගේ දක්ෂතාවයෙන් විශාල අනතුරක් වැලකී ගිය බව පොලිසිය පවසනවා.

පෙරලී ගිය බස් රථය මාර්ගයෙන් ඉවත් කරන තෙක් හෝටන්තැන්නට රථවාහන ඇතුලත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්