fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැදිපොකුණ ගම්මානයේ අලි මෙහෙයුම

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 10:54

මැදිපොකුණ ගම්මානයේ අලි මෙහෙයුම

ඌව පරණගම මැදිපොකුණ ගම්මානයට කඩාවැදී සිටින වන අලියා පලවා හැරීමේ මෙහෙයුම අදත් ක්‍රියාත්මකයි.

අලියා ගම්වැදීමෙන් ගම්මානයම දැඩි නොසන්සුන්තාවකට පත්වුණා.

මැදිපොකුණ ගම්මානයට පෙරේදා රාත්‍රියේ කඩාවැදුන මෙම වන අලියා ගම්මානයේ සැරිසැරීමත් සමඟ ගම්වාසීන් දැඩි සේ බියට පත්වුණා.

වන අලියා පලවා හැරීමට ඊයේ දිනයේ ගත් උත්සාහය අසාර්ථකවීම හේතුවෙන් වනජීවි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු හපුතලේ සහ වලපනේ කීර්ති බණ්ඩාරපුර වනජීවී කාර්යාල නිලධාරීන් පැමිණ වන අලියා පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කරා.

රක්ෂිතයකට මෙම සත්වයා පලවාහැරීමේ අරමුණෙන් අද දිනයේදී එම මෙහෙයුම ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්