fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉහළ ගිය විදේශ ප්‍රේෂණ

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 09:18

ඉහළ ගිය විදේශ ප්‍රේෂණ

2023 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ අවසන් කිරීම සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති ලිහිල් කිරීම මගින් මෙහෙයවනු ලබන දේශීය විදේශ විනිමය වෙළඳපොළේ ද්‍රවශීලතා තත්ත්ව වැඩිදියුණු වීම හරහා ඇති වූ වැඩිදියුණු වූ වෙළෙඳපොළ අපේක්ෂාවන් හේතුවෙන් 2023 වසරේ මාර්තු මාසයේ දී විනිමය අනුපාතිකය කැපී පෙනෙන ලෙස අතිප්‍රමාණය වී ඇති බවයි එහි සඳහන් වන්නේ.

විදේශීය ආයෝජකයින් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය සඳහා ඉහළ කැමැත්තක් පෙන්නුම් කර ඇතිබවද එහි සඳහන්.

2023 වසරේ මාර්තු මාසයේ දී කොළඹ කොටස් වෙළඳපොළෙහි ශුද්ධ විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගලා යෑමක් වාර්තා කර තිබෙනවා.

මෙම වර්ධනයන් 2023 වසරේ මාර්තු මස අවසානය වන විට දළ නිල සංචිත ශක්තිමත් වී තිබෙනවා.

 

hasiniek
By hasiniek අප්‍රේල් 30, 2023 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44