fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙසෙල්ගමු ඔය පිටාර ගලයි – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 09:14

කෙසෙල්ගමු ඔය පිටාර ගලයි – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට ඊයේ (29) ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුඔය පිටාර ගලා තිබෙනවා.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිමත් සමඟ කෙසෙල්ගමුඔය දෙපස පහත්බිම් රැසක් ජලයෙන් යට වු අතර , එම පහත්බිම් හරහා බගවන්තලාව ප්‍රදේශයේ වතු ගණනාවකට පිවිසෙන මාර්ග කිහිපයකම වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගවල රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණා.

කෙසෙල්ගමුඔය පිටාර ගැලිමත් සමග පහත්බිම් වල වගා කර තිබු එලවළු වගාවන් වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි ගොවින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්