fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සොරකමේ ගිය යුවළක් කොටදෙනියාවේදී කොටු වෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 08:57

සොරකමේ ගිය යුවළක් කොටදෙනියාවේදී කොටු වෙයි

රුපියල් කෝටියකට අධික මුදල් ස්වර්ණාභරණ හා විවිධ භාණ්ඩ සොරකම් කළ යුවළක් කොටදෙනියාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල නිවාස , වෙළෙඳසැල් හා පාසල් විශාල සංඛ්‍යාවකට හොර රහසේ ඇතුළුවී මෙම යුවළ මෙම සොරකම් සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ.

ඔවුන් විසින් කොල්ලකෑම් සිදුකල ස්ථාන 13ක් පිළිබඳ තොරතුරු හෙළිකරගත් බව පොලීසිය පවසනවා.

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් මුදල් , රන්භාණ්ඩ මෙන්ම විවිධ වටිනාකමින් යුත් උපකරණ මොවුන් පැහැරගෙන ගොස් ඇති අතර කොල්ලකෑම් සිදුකර ඇත්තේ එම ස්ථානවල පුද්ගලයින් නොමැති අවස්ථාවන්හිදී බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2023 08:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්