ඇටවීරගොල්ලෑව පොලිස් වසමේ පේද්දගම වැව අසල සිදු කළ වැටලීමකදී පාසල් ළමුන් හා තරුණ පිරිස් ඉලක්කකර මත් කරල් අලෙවි කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකායේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු කැබිතිගොල්ලෑව සිවිල් ආරක්ෂක සේවා බල මූලස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන අයෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
ඇටවීරගොල්ලෑව ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක එම පුද්ගලයා මත් කරල් 50 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.