පවතින යුද තත්ත්වය හේතුවෙන් සුඩානයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ඊයේ (29) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ අධ්යක්ෂ ජනරාල් විසින් එම පිරිස පිළිගනු ලැබු බවයි වාර්තා වන්නේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සුඩාන ජනරජයේ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව ද සඳහන්.
එමෙන්ම තවදුරටත් සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.