ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගී වීමත් සමග 13 හැවිරිදි දරුවෙකු විසින් බස් රථය ආරක්ෂිතව නවතා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ බස් රථයේ ගමන් කළ එම දරුවා රියදුරු රෝගී වී සිටින බව දැක එලෙස බස් රථය ධාවනය වීම නවතා ගෙන ඇති බවයි.
ඒ සමගම ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ හදිසි සේවා අංශ අමතන ලෙසයි.
එම අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.