අද(30) පස්වරු 2.30 දක්වා බල පැවැත්වෙන පරිදි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට,උඩපළාතප් ප්‍රදේශයට සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.
වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළිමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද ඔවුන් නිවේදනය කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.
නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.