fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 21:35

එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙලේදී ඇතැමුන් අල්ලස් ලබා ගත් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගි දිනක එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සදහා අල්ලස් ලබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා. පුද්ගලයෙකුගේ ගිණුමකට විශාල මුදලක් අල්ලසක වශයෙන් ලබා දුන් බවටයි එහිදී හෙළි වුණේ.මේ පිළිබද සොයා බැලීම සදහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීමේ වැඩපිළිවෙලේදී ඇතැමුන් අල්ලස් ලබා ගත් බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා,  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය මුල්කර ගනිමින් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 21:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්