fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාලු සාහිත්‍ය උළෙල යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 16:58

ගාලු සාහිත්‍ය උළෙල යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උළෙල යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ පිළිබද සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක් පැවැත්වුණේ නැහැ. රටතුළ පවතින සංචාරක කර්මාන්තයේ ප්‍රබෝදයත් සමග මෙම සාහිත්‍ය උළෙල යළි පැවැත්වීම වැදගත් බව ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා. විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල,  මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පැවැත්විමට සැලසුම් කර තිබෙනවා. එම වැඩසටහන් මාලාව ලබන වසරේ ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරිමට මෙහිදී තීරණය කර තිබෙනවා.

නව කලා මාධ්‍යයන්,  සංගීතය, විලාසිතා, පොත් ප්‍රදර්ශන ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව  ශ්‍රී ලාංකික අනන්‍යතාව ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සාහිත්‍ය උළෙල පැවැත්වීම පිළිබද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කිරීම රජයේ ප්‍රමුඛ අවශ්‍යතාව බව සදහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සදහා සියලු පාර්ශ්වවල දායකත්වය තවදුරටත් අවශ්‍ය බව සදහන් කර තිබෙනවා.

අමාත්‍ය කංචන විජේසේකර,  ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 29, 2023 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්